වී සඳහා සාධාරණ මිලක් ලබාදෙන ලෙසත්, ගොවීන් මේ වන විට මුහුණ දී සිටින දැඩි ආර්ථික හා නිෂ්පාදන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසත් සර්ව ජන බලය පක්ෂය රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.
සර්ව ජන බලය පක්ෂයේ නියෝජිත අනුරාධා යහම්පත් මහත්මිය මාධ්‍ය හමුවක් අමතමින් පෙන්වා දුන්නේ, වී කිලෝවක් සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට ගොවීන් මේ වන විට සිදු කරන විරෝධතා සාධාරණ බවයි. පවතින ඉහළ නිෂ්පාදන වියදම හමුවේ, අවම වශයෙන් වී කිලෝවකට හෝ නිසි මිලක් නොලැබීම හේතුවෙන් ගොවි ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බව එතුමිය වැඩිදුරටත් අවධාරණය කළාය.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ගොවීන්ගේ සාධාරණ ඉල්ලීම් නොසලකා හැරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව දැඩි සටනක නිරත වීමට සර්ව ජන බලය පක්ෂය තීරණය කර ඇත.














