මැදපෙරදිග කලාපය පුරා පැතිර යන යුදමය වාතාවරණය සහ සටන් විරාමයක් ඇති කර ගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සවුදි අරාබියේ සහ ඉරානයේ විදේශ අමාත්‍යවරුන් අද දිනය තුළ පමණක් දෙවතාවක් දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බව වාර්තා වේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින දැඩි නොසන්සුන්තාව සහ ඇමෙරිකානු නාවික අවහිරතාව හමුවේ මෙම ප්‍රබල මුස්ලිම් රටවල් දෙක මෙලෙස අදහස් හුවමාරු කර ගැනීම ඉතා වැදගත් වර්ධනයක් ලෙස සැලකේ.
මෙම රාජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි ගොඩනැගීම සහ දෙරට එකඟතාවයකට ගෙන ඒම සඳහා පකිස්ථානය සුවිශේෂී සහ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බව අනාවරණය වේ. කලාපයේ පවතින ගැටුම් සමනය කරමින් ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා පකිස්ථානය සිදුකරන මෙම “සන්ධානකරණ” රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම (Diplomacy) ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක්ව තිබේ.
කලාපීය බලවතුන් දෙදෙනෙකු වන සවුදි අරාබිය සහ ඉරානය අතර මෙලෙස සෘජු සංවාද ඇති වීම, ඉදිරි දින කිහිපය තුළ මැදපෙරදිග අර්බුදයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකි බව විචාරකයෝ පවසති. විශේෂයෙන්ම බලශක්ති සැපයුමට එල්ල වී ඇති තර්ජන හමුවේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵල මුළු ලෝකයටම බලපානු ඇත.
තොරතුරු උපුටා ගැනීම:al jazeera ඇසුරින්














