ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර ඩිජිටල් පරිවර්තනයක් කරා ගෙන යාම සඳහා Sell-X Office Automations සහ TecCoop ආයතන අතර සුවිශේෂී සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර තිබේ. පසුගියදා Monarch Imperial හිදී පැවැති මෙම උත්සවය මෙරට සමුපකාර ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ පාරිභෝගික සේවා උසස් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙම හවුල්කාරීත්වය හරහා දිවයින පුරා විහිදී ඇති සමුපකාර ජාලය නවීන ඩිජිටල් පද්ධති සමඟ බද්ධ කිරීමට අපේක්ෂිතය.
TecCoop යනු ශ්‍රී ලංකා සමුපකාර පනත යටතේ ලියාපදිංචි ජාතික මට්ටමේ ආයතනයක් වන අතර, ඔවුන්ගේ ප්‍රධාන දැක්ම වන්නේ සමුපකාර සමිති නවීකරණය කිරීමයි. මෙම ගිවිසුම යටතේ Sell-X ආයතනය ප්‍රධාන තාක්ෂණික සහකරු ලෙස කටයුතු කරමින්, සමුපකාර ජාලය වෙත නවීන පරිගණක, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ස්මාර්ට් සිල්ලර වෙළඳාම් (Smart Retail) විසඳුම් ලබා දීමට නියමිතය. විකුණුම් සේවාවන්ට අමතරව ගුණාත්මක පසු විකිණුම් සේවා ජාලයක් ද මේ යටතේ ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතියේ විශේෂ අංගයක් වන්නේ Sell-X Office Automation අංශය මගින් සමුපකාර සමිති සඳහා හඳුන්වා දෙන කාර්යාල ස්වයංක්‍රීයකරණ පද්ධති සහ ඩිජිටල් යටිතල පහසුකම්ය. මෙමගින් සමුපකාර ආයතනවල ක්‍රියාකාරී කාර්යක්ෂමතාව ඉහළ යනවා පමණක් නොව, පාරිභෝගිකයන්ට වඩාත් උසස් සහ පහසු අත්දැකීමක් ලබා ගැනීමට ද අවස්ථාව හිමි වේ. සමුපකාර ක්ෂේත්‍රයේ පවතින සාම්ප්‍රදායික බාධා ඉවත් කර දීර්ඝකාලීන වර්ධනයක් ඇති කිරීමට මෙම තාක්ෂණික මෙවලම් ඉවහල් වනු ඇත.
මෙම අවස්ථාවට TecCoop සභාපති ආචාර්ය ඩී.එස්.කේ. පතිරණ සහ Sell-X හෝල්ඩිංග්ස් සභාපති සමීර බෝපගේ යන මහත්වරුන් ඇතුළු දෙපාර්ශවයේ ඉහළ කළමනාකාරීත්වය සහභාගී වූහ. සමුපකාර අගයන් සහ නවීන තාක්ෂණය එකට එක්කරමින් සිදු කරන මෙම ඩිජිටල් මෙහෙයුම, මෙරට සමුපකාර ව්‍යාපාරය ජාත්‍යන්තර මට්ටමේ සාර්ථක ව්‍යාපාරික ආකෘතියක් බවට පත් කිරීමට මග පාදනු ඇත.














