දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි සඳහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට දැනටමත් අවශ්‍ය ප්‍රතිපාදන පවතින බැවින්, පුළුල් බලතල සහිත ස්ථිර ත්‍රස්ත විරෝධී නීතියක අවශ්‍යතාවක් මෙරටට නොමැති බව මන්ත්‍රීවරයා සිය යෝජනාව මගින් පෙන්වා දෙයි. ඒ අනුව, මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරනු වස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කිරීමට රජය පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.














