දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමා සූදානම් නැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ. “අපට ඒ තරම් විශාල කාලයක් නැහැ” යනුවෙන් ප්‍රකාශ කළ ඔහු, කඩිනමින් සාම එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරානය වෙත යළි බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන බවට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, තමා ඉදිරියේදී යළිත් හමුදාමය ක්‍රියාමාර්ග අපේක්ෂා කරන බවත්, අමෙරිකානු හමුදාව ඒ සඳහා උපරිම සූදානමකින් පසුවන බවත්ය. රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට වඩා හමුදාමය බලය පෙන්වීම කෙරෙහි තම අවධානය වැඩි වශයෙන් යොමු වී ඇති බව ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත් කර ගැනීමට ලබා දී ඇති කාලය මේ අනුව ඉතා සීමිත වනු ඇත.














