මහ බැංකුව විසින් හඳුන්වා දුන් නව රීතීන් හේතුවෙන් ඊයේ (10) දින රුපියලට සාපේක්ෂව තරමක් පහළ ගිය ඇමෙරිකානු ඩොලරයේ අගය අද (11) පෙරවරුවේ යළිත් වරක් ඉහළ යාමක් පෙන්නුම් කරයි. ඊයේ රු. 335.50 මට්ටමේ පැවති වාණිජ බැංකු විකුණුම් මිල අද වන විට රු. 337 සීමාව ඉක්මවා ගොස් තිබේ.
අද (ජූනි 11) පෙරවරු 10.00 වන විට මෙරට ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ:
ලංකා බැංකුව: ගැනුම් මිල රු. 328.00 | විකුණුම් මිල රු. 337.00
මහජන බැංකුව: ගැනුම් මිල රු. 327.23 | විකුණුම් මිල රු. 337.06
කොමර්ෂල් බැංකුව: ගැනුම් මිල රු. 327.00 | විකුණුම් මිල රු. 336.00
හැටන් නැෂනල් බැංකුව: ගැනුම් මිල රු. 328.25 | විකුණුම් මිල රු. 337.50
සම්පත් බැංකුව: ගැනුම් මිල රු. 326.22 | විකුණුම් මිල රු. 337.00
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: ගැනුම් මිල රු. 326.98 | විකුණුම් මිල රු. 338.02
DFCC බැංකුව: ගැනුම් මිල රු. 328.25 | විකුණුම් මිල රු. 337.75
NDB බැංකුව: ගැනුම් මිල රු. 328.00 | විකුණුම් මිල රු. 337.00
















