හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
අල්ලස් කොමිසම මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කොළඹ පිහිටි ඇයගේ නිවසට ගොස් ඇති බව සඳහන් වේ.
එහිදී ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන ඇති බවට වැඩිදුරටත් වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.














