විදේශීය වෙළෙඳපොළ තුළ සිය නිෂ්පාදන සඳහා පවතින අඛණ්ඩ ඉහළ ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින්, අපනයන නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 3,229,760ක ප්‍රධාන ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට සියෙරා කේබල්ස් පීඑල්සී (Sierra Cables PLC) සමාගම තීරණය කර තිබෙනවා.
නව යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සහ කාර්මික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත නිල වශයෙන් දැනුම් දී ඇති මෙම ව්‍යාපෘතිය මඟින් සමාගමේ පවතින අපනයන නිෂ්පාදන ධාරිතාව ආසන්න වශයෙන් දෙගුණ වනු ඇති අතර, 2027 අප්‍රේල් 1 වන දින වන විට එය සම්පූර්ණයෙන්ම වාණිජමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
















