අද (14) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ ප්‍රධාන ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බලශක්ති උත්පාදනයට සෘජුවම දායක වන මවුස්සාකැලේ ප්‍රදේශයට මිලිමීටර 42 ක් ද, නෝර්ටන් ප්‍රදේශයට මිලිමීටර 30.7 ක් සහ කාසල්රී ප්‍රදේශයට මිලිමීටර 29 ක් ලෙස වර්ෂාව වාර්තා වී ඇත.
එම කාලසීමාව තුළ දිවයිනේ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වන අතර එය මිලිමීටර 136.5 කි.
මේ අතර, අද පස්වරු 1.00 න් පසුව දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත් මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට මෙම කාලගුණික බලපෑම එල්ල විය හැක.














