සියඹලාණ්ඩුව, අම්පාර පාර 5 කණුව ප්‍රදේශයේ නිවසක කැවුම් පිසිමින් සිටියදී තෙල් තාච්චියට ගිනි ඇවිලීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි කාන්තාවක මියගොස් තිබේ.
පසුගිය 13 වැනිදා උත්සව සමය වෙනුවෙන් කැවුම් පිසිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. එහිදී තෙල් තාච්චියට එක්වරම ගිනි ඇවිලී ඇයගේ සිරුරට ගිනි පැතිරීමෙන් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා තිබේ.
අනතුරින් පසුව ඇය සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය පෙරේදා (22) රාත්‍රියේ මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ 44 හැවිරිදි දෙදරු මවකි. සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














