ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ, 2026 වසර අවසාන වන විට මෙරට ඉතිහාසයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු වැඩිම විගමණික ශ්‍රමික ප්‍රේෂණ (Remittances) ප්‍රමාණය වාර්තා කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවයි.
කාර්යාංශයේ දත්තවලට අනුව, 2025 වසරේ මුල් මාස 4 තුළ ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක ප්‍රේෂණ ප්‍රමාණය අභිබවා යමින්, 2026 වසරේ මුල් මාස 4 තුළ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.06ක මුදලක් මෙරටට ලැබී තිබේ. මෙම වර්ධනයත් සමඟ වත්මන් වසර අවසාන වන විට සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.















