මෙවර අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) ලබාගත් සුවිශේෂී මූල්‍යමය සාර්ථකත්වයේ ප්‍රතිලාභ මගී ජනතාවට ද ලබා දීමට එහි සභාපති සජීව නන්දන කනකරත්න මහතා තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් 09 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ ලංගම බස් රථවල ගමන් ගත් මගීන් වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමක් පවත්වා වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇති බැවින්, තමන් ගමන් ගත් බස් ටිකට් පත සුරක්ෂිතව ළඟ තබා ගන්නා ලෙස සභාපතිවරයා මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා සැපයීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට දින 6ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් බිලියනයක (කෝටි 100ක) වාර්තාගත ආදායමක් හිමිව ඇත. මෙම දැවැන්ත ආදායම උපයා ගැනීමට දායක වූ මගී ජනතාව ඇගයීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි. මීට අමතරව මගීන් ටිකට් පත් ලබා ගැනීමට උනන්දු කරවීම සහ ලංගම සේවාවන් කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීම ද මෙහි අපේක්ෂාවන් වේ.














