• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි – අගමැති කියයි

21 September 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති “කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය – 2020” සඳහා එක්වෙමිනි.

කොවිඩ්-19 බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා රජයක් ලෙස පසුගිය කෙටි කාලය තුළ සහනදායී ණය පොලී අනුපාත හඳුන්වා දෙමින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ ණය ඇපකර සපුරාදීමට හැකි වූ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදී කොවිඩ් – 19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය යෝජනාවලිය සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ණය ඇපකර ආයතනයක් පිහිටුවීම, ආදායම් බදු සහන ලබාදීම, කම්කරු නීති සංශෝධනය සහ අපනයනය සඳහා අවශ්‍ය ආයතනයක් පිහිටුවීම යනාදී කරුණු මෙම යෝජනාවලියට ඇතුළත් ය.

අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය,

මේ ශාලාවේ මෙවැනි සම්මන්ත්‍රණයක් පවත්වන්න හැකිවීම පිළිබඳව ප්‍රථමයෙන් සතුටු වෙනවා. පසුගිය වසර පහේ මේ සම්මන්ත්‍රණ ශාලාවේ වී ගබඩා කළේ නැති නිසා, අද ඔබට එය පාවිච්චි කරන්න හැකියාව ලැබිලා තියෙනවා.

“ පළමුවන ප්‍රාදේශීය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය ආරම්භ කිරීම සඳහා මා හට ආරාධනා කිරීම පිළිබඳව, සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතාට ස්තුතිවන්ත වෙනවා.

වෘත්තීය ආයතන, වාණිජ මණ්ඩල, වාණිජ බැංකු සහ කර්මාන්ත පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත මෙම ආයතනයේ, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුව පිහිටුවීම, ඉතා කාලෝචිත ක්‍රියාවක්. එය, ඇත්ත වශයෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට කරනු ලබන වැදගත් සේවාවක්.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අද අපේ රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි. එය, අප රටෙහි සෑම අංශයකම නියෝජනය වීම සතුටක්. අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 52 ක් සඳහා එම අංශය දායක වෙනවා. සමස්ත රැකියාවන්ගෙන් සියට 45 ක් ඊට අයත්. එසේම, එම අංශය, දිවයිනේ මුළු ව්‍යවසායක සංඛ්‍යාවෙන් සියට 75 කින් සමන්විතයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි බැංකු නවයක ගනුදෙනුකරුවන් 300 ක් පමණ මෙම වැදගත් සම්මන්ත්‍රණය සඳහා එක්වීම මම ඉතා අගය කරනවා. “නව ආර්ථිකය තුළ මුදල් කළමනාකරණය, බැංකු අරමුදල් සැපයීම සහ ව්‍යවසායක නායකත්වය සම්බන්ධයෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අද මුහුණපාන අභියෝගවලට මුහුණදීම පිණිස විසඳුම්” යන තේමාවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම ඉතාම කාලෝචිතයි.

මුදල් අමාත්‍යංශය යටතේ, ශ්‍රී ලංකා මහා බැංකුවේ සහයෝගය ඇතිව, කොවිඩ්-19 මඟින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා රුපියල් බිලියන 100 ක මුදලක් ප්‍රදානයක් කිරීමට හැකිවීම, සතුටට කරුණක්.

අපි පසුගිය කෙටි කාලය තුළ ණය සඳහා සහනදායී පොලී අනුපාත හදුන්වා දෙමින්, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා, ණය ඇපකර ලබාදීම ඔස්සේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත නගාසිටුවීමට අවශ්‍ය පියවර ගත්තා.

මෙම සම්මන්ත්‍රණයේදී, විධිමත් මුදල් කළමනාකරණය, ව්‍යාපාර දියුණුකිරීම පිණිස අරමුදල් නිසිපරිදි භාවිතාකිරීම, පුහුණුකිරීම් සහ කුසලතා වර්ධනය දේශීය සහ අපනයන අලෙවිකරණය සහ කම්කරු කටයුතු බඳු වැදගත් ක්ෂේත්‍රයන් ආවරණය වන බව පැහැදිලියි.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් මගින් කෙරෙන අපනයනවල ගෝලීය ප්‍රතිශතයේ සාමාන්‍යය සියයට 30 ක්. නමුත්, ලංකාව සම්බන්ධයෙන් එම ප්‍රතිශතය සියයට 5 ක්. එය වැඩිකිරීම සඳහා රජයක් ලෙස අප සහයෝගය දක්වන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට කැමතියි.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධයෙන් අපනයන නිවසක් පිහිටුවීම පිළිබඳව මම එම කමිටුවට සුභ පතනවා. ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමය ලබාගැනීමට අදාළ මෙම කාර්යය සඳහා දිරිගැන්වීම රජයක් ලෙස අපි වගකීමෙන් ඉටු කරනවා.

එසේම, හම්බන්තොට වැනි ඉතා දුෂ්කර ප්‍රදේශවල කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානය යොමු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි.

එසේ ම, ණය ඇපකර ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙම කමිටුවේ නිර්දේශ පරිදි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳව ද මම සන්තෝෂ වෙනවා.

වත්කම් හිඟකම නිසා අලුතින් පිහිටුවන සමපාර්ශ්විය ඇපකරුවන් ඉදිරිපත් කළ නොහැකි කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්, විදේශීය මුදල් ලබාදෙන ආයතනවල සහාය ලබාගෙන මෙම ආයතනය පිහිටුවීම සඳහා මාගේ සහාය ලබා දෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සංවර්ධනය කිරිම පිණිස බැංකු අංශයට ද සුභ පැතීමට අපි කැමැතියි. අද දිනෙන් අරඹනු ලබන මේ සම්මන්ත්‍රණය, අනෙකුත් දිස්ත්‍රික්ක වලත් පැවැත්වීමට හැකිවනු ඇතියි මම විශ්වාස කරනවා.

මෙමඟින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහ ශ්‍රී ලාංකික ආර්ථිකය සඳහා ද ප්‍රතිලාභ ලැබෙන බව විශ්වාසයි. මේ ආයෝජකයන් නැගී එන බවට බැංකු සාක්ෂි දරනවා. බැංකුවලින් තමන් විසින් ගන්නා ලද ණය මුදල් වාරික නිසි කලට ගෙවීමෙන් බැංකු අංශයේ ණය හානිවීම් අඩු වෙනවා. එමගින් බැංකු ගනු දෙනු කරන සියලු පාර්ශ්වයන්ට තව තවත් ණය ලබාදීමට හැකියි.

අවසන් වශයෙන් සහතිකලත් කළමනාකාරී ගණකාධිකාරී ආයතනයේ, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණයට මාගේ සුභ පැතුම් එක් කරනවා. දේශීය වෙළඳපොලේ, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා අපනයනකරුවන්ට විදේශ විනිමය උපයමින් දක්වන දායකත්වයට සුභ පතනවා. “ යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාව සඳහා වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසායක ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල, ඩී.එස්.අයි.සමාගම් සමූහයේ සම්මානිත කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ සුරේෂ් ද මෙල් මහත්වරු හා බැංකු සහ මුල්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 2
Previous Post

රිලා ඇමැතිකම භාරගන්න සුදානම් – මන්ත්‍රී ඩිලාන් කියයි

Next Post

තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

editor

editor

Next Post

තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved