• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සවිබල ගන්වන SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

14 May 2026
in දේශීය, පුවත්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය  සවිබල ගන්වන  SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේගය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දේශීය හා ගෝලීය වශයෙන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් “SME Nexus” 2026 ජාතික උපායමාර්ගික රාමුව ඊයේ (13) දින නිල වශයෙන් එළිදක්වන ලදී. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා අමාත්‍ය ක්‍රිශාන්ත අබේරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එරංග වීරරත්න සහ අරුණ ජයසේකර ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පාර්ශ්වකරුවන් රැසක් එක්ව සිටියහ. මෙරට ලියාපදිංචි ව්‍යාපාරවලින් 75%කට අධික ප්‍රමාණයක් නියෝජනය කරන, දළ දේශීය නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් සපයන මෙම ක්ෂේත්‍රය මුහුණ දෙන ව්‍යුහාත්මක බාධක ඉවත් කර ඔවුන් අපනයන අභිමුඛ ව්‍යවසායකයන් බවට පත් කිරීම මෙම වැඩසටහනේ මූලික අභිප්‍රායයි.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම යටතේ ක්‍රියාත්මක වන මෙම උපායමාර්ගික රාමුව ප්‍රධාන අංශ 11ක් ඔස්සේ ගොඩනැගී ඇති අතර තාක්ෂණික හා ඩිජිටල් සවිබල ගැන්වීම, ආයතනික ඒකාබද්ධතාවය සහ මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම ඒ අතර ප්‍රධාන වේ. විශේෂයෙන්ම ‘තනි කවුළු’ (Single-window) සේවා මධ්‍යස්ථාන සහ ‘SME Connect’ ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාර්යක්ෂම සේවා සැපයීමටත්, සංවර්ධන නිලධාරීන් ‘සබඳතා නිලධාරීන්’ ලෙස පුහුණු කර ව්‍යවසායකයාට සෘජු මඟපෙන්වීම ලබා දීමටත් මෙහිදී සැලසුම් කර ඇත. මීට අමතරව, ව්‍යාපාර වර්ධනය සඳහා ‘වර්ධන අරමුදලක්’ (Growth Fund) ස්ථාපිත කිරීම සහ පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර තිබේ.
මෙම නව රාමුව ක්‍රියාත්මක වීමත් සමඟ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර ලියාපදිංචිය සරල කර ගැනීමටත්, නොමිලේ උපදේශන සේවා ලබා ගැනීමටත්, නවීන තාක්ෂණය හා ගෝලීය අගය දාමයන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමටත් අවස්ථාව උදා වේ. දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සඳහා SIBA ඒකකය හරහා ව්‍යාපාරික බුද්ධි පර්යේෂණ සහාය ලබා දීම ද මෙහි තවත් සුවිශේෂී අංගයකි. මෙම ජාතික වැඩපිළිවෙළ හරහා මෙරට අපනයන ආදායම ඉහළ නංවා ගනිමින් නව රැකියා උත්පාදනය කර තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීම රජයේ අපේක්ෂාවයි.
Post Views: 3
Previous Post

වෘත්තීය අධ්‍යාපනය විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ලබාදීමට පියවර

Next Post

වෙඩි තැබීමක් හේතුවෙන් පිලිපීන සෙනෙට් මණ්ඩල ගොඩනැඟිල්ල වසා දමයි

Editor TTV News

Editor TTV News

Next Post
වෙඩි තැබීමක් හේතුවෙන්  පිලිපීන සෙනෙට් මණ්ඩල  ගොඩනැඟිල්ල වසා දමයි

වෙඩි තැබීමක් හේතුවෙන් පිලිපීන සෙනෙට් මණ්ඩල ගොඩනැඟිල්ල වසා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිස් මෙහෙයුමකින් පසු  ගිනි අවි චෝදනා මත  පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිස් මෙහෙයුමකින් පසු ගිනි අවි චෝදනා මත පුද්ගලයෙකු අත්අඩංගුවට

14 May 2026
විශ්‍රාමික ඕස්ට්‍රේලියානු  දන්ත වෛද්‍යවරයකුගෙන්  ප්‍රතිකාර ගත්  රෝගීන්ට HIV සහ හෙපටයිටිස්  පරීක්ෂාව සඳහා උපදෙස්

විශ්‍රාමික ඕස්ට්‍රේලියානු දන්ත වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත් රෝගීන්ට HIV සහ හෙපටයිටිස් පරීක්ෂාව සඳහා උපදෙස්

14 May 2026
පැරමැටා දුම්රිය ස්ථානයේදී  සිදුවූ ලිංගික අපචාරයක් සම්බන්ධයෙන්  පුද්ගලයෙකු අත්අඩංගුවට

පැරමැටා දුම්රිය ස්ථානයේදී සිදුවූ ලිංගික අපචාරයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

14 May 2026
අනුමැතියකින් තොරව  රදගුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන්  වතිකානයෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

අනුමැතියකින් තොරව රදගුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වතිකානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිස් මෙහෙයුමකින් පසු  ගිනි අවි චෝදනා මත  පුද්ගලයෙකු අත්අඩංගුවට

පොලිස් මෙහෙයුමකින් පසු ගිනි අවි චෝදනා මත පුද්ගලයෙකු අත්අඩංගුවට

14 May 2026
විශ්‍රාමික ඕස්ට්‍රේලියානු  දන්ත වෛද්‍යවරයකුගෙන්  ප්‍රතිකාර ගත්  රෝගීන්ට HIV සහ හෙපටයිටිස්  පරීක්ෂාව සඳහා උපදෙස්

විශ්‍රාමික ඕස්ට්‍රේලියානු දන්ත වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත් රෝගීන්ට HIV සහ හෙපටයිටිස් පරීක්ෂාව සඳහා උපදෙස්

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved