ස්විස් මහ බැංකුව (SNB) මෙම වසරේ පළමු කාර්තුව සඳහා ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 500 ක (ඇමරිකානු ඩොලර් මිලියන 636.70 ක පමණ) ශුද්ධ පාඩුවක් වාර්තා කර ඇති බව අද (23) නිවේදනය කළේය. රන් මිල ඉහළ යාමෙන් වාසි සැලසුණද, විදේශ විනිමය වත්කම්වල වටිනාකම පහත වැටීම හේතුවෙන් මෙම මූල්‍ය පසුබෑම සිදුවී ඇති බව බැංකුව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ස්විස් මහ බැංකුව සතු විදේශීය කොටස් සහ බැඳුම්කරවල වටිනාකම අඩුවීම හේතුවෙන් විදේශ විනිමය අංශයෙන් පමණක් ෆ්‍රෑන්ක් බිලියන 8.2 ක පාඩුවක් සිදුව තිබේ. ගෝලීය මූල්‍ය වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය සහ විනිමය අනුපාතයන්හි සිදුවූ වෙනස්වීම් මෙම අහිතකර තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. කෙසේ වෙතත්, රන් සංචිතවල වටිනාකම ඉහළ යාම නිසා සිදුවන්නට ගිය විශාල පාඩුවක් යම් මට්ටමකට පාලනය කර ගැනීමට මහ බැංකුව සමත් වී තිබේ.














