• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව් ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දකුණු අප්‍රිකාවේ දොර ඇරේ

7 December 2020
in දේශීය

දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ තානාපති සේවය අවසන් කර සිය මව් රටට යෑමට පෙර ඉකුත් සිකුරාදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යංශයේ දී හමුවු අවස්ථාවේදිය.

දැනටමත් දකුණු අප්‍රිකානු සුපිරි වෙළඳසැල් ජාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවත් එම වෙළඳසැල් ප්‍රමාණය විස්සක් දක්වා වැඩි කර ගැනිමට කටයුතු කරන බවත් මෙහිදී මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සදහන් කළාය. එහිදී ඇය පෙන්වා දුන්නේ එම වෙළඳසැල් සදහා අප්‍රිකාවේ සිට භාණ්ඩ රැගෙන එන කන්ටේනර් ආපසු යන විට ශ්‍රී ලංකාවේ තේ හා වෙනත් නිෂ්පාදන එරටට යැවීමට අවශ්‍ය පහසුකම් සුදානම් කර ගත හැකි බවය.

ශ්‍රී ලංකාවේ තේවලට අප්‍රිකාව තුළ හොඳ වෙළඳපොලක් සකස් කර දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එළවළු හා පළතුරුවලින් 40% ක් පමණ අපතේ යන බැවින් ඒවා කල් තබා ගැනමට අප්‍රිකාවේ තාක්ෂණය හා සහයෝගය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකාව හා අප්‍රිකාව අතර ඇති සහයෝගිතාව දිගටම ශක්තිමත්ව පවත්වා ගත යුතු බව අවධාරණය කළ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳවද සිය ප්‍රසාදය පළ කළාය. මෙම හමුවට විදේශ අමාත්‍යංශයේ අප්‍රිකානු කලාපීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දසනායක මහතාද සහභාගි විය.

 

 

 

 

Post Views: 12
Previous Post

පොල් ඉඩම්වල වැලි කැණීම සඳහා බලපත් නිකුත් කිරීම අත්හිටුවයි

Next Post

උත්සව කාලයේදී සංචරණ සිමා කරන්න

editor

editor

Next Post

උත්සව කාලයේදී සංචරණ සිමා කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved