අමෙරිකාවේ ටෙක්සාස්හි ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැති 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ප්‍රංශය ගෝල 2-0ක් ලෙස පරාජය කළ ස්පාඤ්ඤ කණ්ඩායම, අවසන් මහා තරගය සඳහා සිය ස්ථානය වෙන් කර ගත්තේය. තරගයේ 22 වැනි මිනිත්තුවේදී ලමින් යමාල්ට එල්ල වූ වරදක් හේතුවෙන් හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් මිකෙල් ඔයාර්සබල් ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය.
තරගයේ පාලනය තමන් සතු කරගත් ස්පාඤ්ඤ ක්‍රීඩකයින්, දෙවන අර්ධයේ 58 වැනි මිනිත්තුවේදී ඩැනි ඔල්මෝගේ සහයෝගය ඇතිව පේද්‍රෝ පොරෝ හරහා සිය දෙවන ගෝලය වාර්තා කරමින් ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. 2010 වසරේ ලෝක ශූරයන් වූ ස්පාඤ්ඤය, එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයින් සමඟ ලබන ඉරිදා නිව්යෝර්ක්/නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගයට එක්වේ.
















