හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවයෙන් වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ පින්කමක් පසුගියදා මතුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පවත්වා තිබේ. ඒ මහතාගේ 67 වන ජන්ම දිනය සැමරීම වෙනුවෙන් මහා සංඝරත්නය උදෙසා දහවල් දානමය පින්කමක් ද මෙහිදී පවත්වා ඇත.
මෙම පින්කම සඳහා පූර්ණ දායකත්වය සහ සංවිධාන කටයුතු “FIVE STAR” පුද්ගලික සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රසාද් ගුණසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදු කර ඇති බව වාර්තා වේ.














