• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් ගෙන්වීමේ විශේෂ වැඩපිළිවෙලක් – ඇමැති නිමල්

2 February 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙම විගමණික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිනි පසු නිරෝදානය සඳහා රඳවා තැබීමට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීමය.එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් වලින් පළාත් නවයේ නිරෝධායන මධ්‍යස්ථාන නවයක් ආරම්භ කර එම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා එම මධ්‍යස්ථානවල ස්ථානගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි. covid-19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කොට එම මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එසේම විදෙස්ගත අපගේ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට අදාල ගුවන් ප්‍රවේශ පත ලබා ගැනීමට නොහැකිව විශාල වශයෙන් අපහසුතාවට ලක් වී එම රටවල්වල රැඳී සිටින බවට මාධ්‍ය මගින් අපට විටින් විට වාර්තා විය.විදේශ සේවා නියුක්ති කාර්යාංශ අරමුදල් භාවිතා කොට මෙම අසරණ වී සිටින අපගේ විගමනික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොපැකිලිව කටයුතු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීමක දී පසුගිය දා තීරණය විය.

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට අදාළ ගුවන් ටිකට්පත් ලබා ගැනීමට නොහැකිව යම්කිසි විගමනික සේවකයෙක් හෝ සේවිකාවක් කිසියම් රටක සිටී නම් ඔවුන් වහාම එම රටේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට වාර්තා කරන ලෙසත්, එසේ නොමැති නම් විදේශ සබඳතා අංශයේ ගාස්තු රහිත දුරකථන අංකය වන 800119119 අමතා එම තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් එම විගමනික ශ්‍රමිකයන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියි.එම ඉල්ලීම් විමර්ශනය කර බලා ඔවුන්ගේ කාර්යංශයේ ලියාපදිංචිය සහ අනන්‍යතාව තහවුරු කර නොපමාව ඔවුන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා සිටී.

එසේම දැනට විදේශ රටවල රැඳී සිටින අපගේ ශ්‍රමිකයන්ට යම්කිසි ආධාර හෝ උදව් උපකාර හෝ අවශ්‍ය සහයක් ඇත් නම් ඒ පිළිබඳව විදේශ කටයුතු සබඳතා අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් යුක්තව ඔවුන්ට අවශ්‍ය එම ආධාර, අනුග්‍රහයන් , සහයෝගය සහ ආධාර උපකාර ලබාදීමේ වැඩපිළිවෙළක් නොපමාව සකස් කරන ලෙස ද අමාත්‍යවරයා සඳහන් කරයි.

විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රක්ෂණ ආවරණය ඇතිව විදේශගත වූ ශ්‍රමිකයන්ට මෙම ආපදා අවස්ථාවේදී එකී රක්ෂණ ආවරණය යටතේ ලබා යුතු වන්දි හෝ දීමනා වේ නම් ඒවා ලබාදීමට ප්‍රමුඛත්වයක් දී නොපමාව ක්‍රියාත්මක වන ලෙසත්, එසේ වන්දි හා දීමනා ඉල්ලා සිටින අයගේ ලැයිස්තු සහ ඒ අතරින් එම වන්දි සහ ඉල්ලීම් ලබා දුන් අයගේ ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සති දෙකකට වරක් රේඛිය අමාත්‍යංශයට ලබා දෙන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත.

එම කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා ,කම්කරු අමාත්‍යාංශයේ ලේකම්තුමා,විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති,සාමාන්‍යාධිකාරී සහ ගණකාධිකාරිවරයා ,විදේශ කටයුතු අමාත්‍යංශයේ විදේශ සබඳතා අංශයේ ප්‍රධානියා සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඇමතිවරයා දන්වා සිටී.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේඛම් මාපා පතිරණ මහතා ද,කම්කරු ජනරාල් නිතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක්විය.

 

Post Views: 1
Previous Post

කොරෝනා ගැන අවධානම නිවැරදිව ජනතාවට කියන්න ඕනෑ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

Next Post

ඇස්ෆෝල්ට්නිෂ්පාදන ධාරිතාවය මසක් ඇතුළත වැඩි කරන්න – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

editor

editor

Next Post

ඇස්ෆෝල්ට්නිෂ්පාදන ධාරිතාවය මසක් ඇතුළත වැඩි කරන්න - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved