මන්නාරම නරුවිලික්කුලම් සහ වන්කාලෙයි වෙරළ තීරයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කර අතහැර දමා ගිය වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 240 කට අධික තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පුස්සදේව’ ආයතනයේ නිලධාරීන් විසින් ඊයේ (24) රාත්‍රියේ සිදුකළ සෝදිසි කිරීම්වලදී වෙරළ අසල තිබූ සැකකටයුතු උර දෙකක් පරීක්ෂා කිරීමේදී මෙම තොගය හමු වී ඇත. නාවික හමුදාව භාරයට ගත් මෙම ඉඟුරු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුරුන්කන් සහ වන්කාලෙයි පොලිස් ස්ථාන වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
















