චීනයේ පැවැත්වෙන 2026 ආසියානු සහය දිවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිරිමි 4x100m සහය දිවීමේ කණ්ඩායම තත්පර 38.63ක කාලයක් වාර්තා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
මෙම ජයග්‍රාහී කණ්ඩායමට දෙනෙත් වීරරත්න, චමෝද් යෝධසිංහ, චලිත් පියුමාල් සහ මෙරොන් විජේසිංහ යන ක්‍රීඩකයින් ඇතුළත් විය. මීට පෙර පැවති ශ්‍රී ලංකා ජාතික වාර්තාව තත්පර 39.08ක් වූ අතර, එය 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පිහිටුවන ලද්දකි.
මීට අමතරව, එම තරගාවලියේ පිරිමි 4x400m ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
















