දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කිසියම් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා සූදානමින් තබා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා ප්‍රකාශ කර තිබේ. අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වූවන් මුදාගැනීම හෝ වෙනත් ආපදා සහන සේවා සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් දැනුම් දීමක් සිදු කළ වහාම ක්‍රියාත්මක වීමට ගුවන් හමුදාව සූදානම්ව සිටින බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.















