ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 03 කාන්තා නිලධාරී කණ්ඩායම තම 29 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුරුන්දන්කුලම විද්‍යාලය වෙත රුපියල් ලක්ෂ 7.5කට ආසන්න වටිනාකමකින් යුත් ‘රිවර්ස් ඔස්මෝසිස්’ (Reverse Osmosis) ජල පිරිපහදු පද්ධතියක් පරිත්‍යාග කර තිබේ.
විශ්‍රාම ලැබුවද සමාජය වෙනුවෙන් යමක් කිරීමේ වගකීම සිහිපත් කරමින්, එම කණ්ඩායමේ සාමාජිකාවන්ගේම පෞද්ගලික දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සපයාගෙන ඇත. පාසල් දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබා දීම මගින් අනාගත පරපුරට දිගුකාලීන සෙතක් සැලසීම මෙම සමාජ සත්කාරක වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
















