2026 වසරේ පැවැත්වෙන අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. චමරි අතපත්තු මහත්මියගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම ජුනි මස 3 වැනි දින එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය. එංගලන්තය සහ වේල්සය කේන්ද්‍ර කරගනිමින් ජුනි 12 වැනිදා සිට ජූලි 5 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත.
චමරි අතපත්තු නායකත්වය දරන මෙම සංචිතයට හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, කාවිෂා දිල්හාරි, හන්සිමා කරුණාරත්න, කෞශිනී නුත්‍යංගනා, සුගන්දිකා දසනායක, නිමාෂා මධුශානි, ශෂිනි ගිම්හානි, කාව්‍යා කවින්දි, මල්කි මධාරා සහ මිථාලි අයෝධ්‍යා යන ක්‍රීඩිකාවන් ඇතුළත් වේ.
















