මැද පෙරදිග ඇති වූ ගැටුම්කාරී තත්ත්වය නිසා ලංකාවට ඇති වූ බලපෑමෙන් මහජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන සියයක සහන පැකේජයක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මෙම සහන පැකේජයට මුදල් සම්පාදනය කරගැනීමේ එක් පියවරක් ලෙස එයින් බිලියන 71.7ක් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව ඔහු සඳහන් කළේය. මීට පෙර දිට්වා සුළි කුණාටුවේදී මෙන් අතිරේකව එකතු කරන ලද බදු මුදල් සහ ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අරමුදල් සපයා ගන්නා බවත්, අලුතින් ණය ලබාගැනීමකින් තොරව පවතින වියදම් කළමනාකරණය කරගැනීම පමණක් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














