මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) දින තම සහතිකය සටහන් කර ඇත. මෙම පනත් කෙටුම්පත් පසුගිය ජූලි 09 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.මෙහිදී මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව විශේෂ බහුතරයකින්ද, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතවද, ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතවද සම්මත වී තිබේ. මෙම නව නීති හරහා මූල්‍ය අපරාධ මැඩපැවැත්වීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සහ මූල්‍ය පද්ධතියේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරේ.














