රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි. ඒ මහතා දියබෙදුම රණවිරු ගම්මානය වෙත විශේෂ නිරීක්ෂණ චාරිකාවක එක්වෙමින් එහි වෙසෙන රණවිරුවන්ගේ සුවදුක් හා සුබසාධන අවශ්‍යතා සොයා බැලූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
එහිදී රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාපතිවරයා, ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව අවධානය යොමු කළ අතර, ඔවුන්ගේ සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදෙමින් අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදෙන බවට සහතික විය. ඉදිරිපත් වූ ගැටලු සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ බලධාරීන් වෙත ද ඔහු උපදෙස් ලබා දී තිබේ. දිවයින පුරා පිහිටි රණවිරු ගම්මාන 28ක් ඇතුළු විවිධ සුබසාධන පහසුකම් හරහා, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අඛණ්ඩව කැප වී සිටී.















