ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව, යාපනය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ යුද්ධ හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී යාපනය, ඇන්ටනිපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පාර්සල් 102ක අඩංගු මෙම ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 220ක් වන අතර, එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 36ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පලාලි පොලිසිය විසින් සිදුකරනු ලබයි.
















