ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවත් සමඟ පවතින උණුසුම් වාතාවරණය හේතුවෙන්, ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් කටයුතු නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මෙම ගුවන්තොටුපළ මීට පෙර මැදපෙරදිග කලාපයේ පැවති ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් දීර්ඝ කාලයක් වසා දමා තිබූ අතර, එය නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කෙරුණේ පසුගිය අප්‍රේල් මාසයේදීය.
පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඉරාන බලධාරීන් තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින අතර, ගුවන් ගමන් යළි ආරම්භ කිරීම පිළිබඳව තීරණයක් ගනු ලබන්නේ කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව බව වාර්තා වේ.
















