පරිසරයට සිදුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය බලපෑම අවම කිරීම සහ පරිසර හිතකාමී පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන තුළ ඉවතලන ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති විශේෂ චක්‍රලේඛයකට අනුව, රජයේ ආයතනවල ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය වහාම නතර කරන ලෙස උපදෙස් ලබා දී ඇත. එම චක්‍රලේඛය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට තවදුරටත් උපදෙස් දී ඇත්තේ, තම ආයතන තුළ පවතින අනෙකුත් ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍යවල භාවිතය ද අවම කිරීමට පියවර ගන්නා ලෙසයි.
ප්ලාස්ටික් අපද්‍රව්‍යවල අහිතකර බලපෑම් අවම කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන පුළුල් පාරිසරික තිරසාර වැඩසටහනේ කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇත. මෙම නව උපදෙස් යටතේ, රාජ්‍ය ආයතන නැවත භාවිත කළ හැකි සහ පරිසර හිතකාමී විකල්ප වෙත යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















