2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අද (20) ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග කොමසාරිස් ජනරාල් ඉංදිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, උත්තර පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය අගෝස්තු 25 වැනි දින දක්වා ක්‍රියාත්මක වන බවයි. රට පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී අගෝස්තු 9 වැනි දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලද අතර, එහි ප්‍රතිඵල මසක් ඇතුළත නිකුත් කිරීමට අපේක්ෂා කරන බව කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. මේ අතර, අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සැප්තැම්බර් 3 වැනි දින ආරම්භ කිරීමට නියමිතය.
















