උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ මේ වසරේදී හමුවීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති පදවි කාලය තුළ ඔවුන් දෙදෙනා හමුවන පළමු අවස්ථාව මෙය වනු ඇත.
ධවල මන්දිරයේ ඉදිකරමින් පවතින නව හෙළිකොප්ටර් තැוטුම්පළක සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් මේ බව සඳහන් කළේය. උතුරු කොරියාව සතුව ඉතා බලවත් න්‍යෂ්ටික අවි 57ක් පවතින බවත්, තම පළමු පාලන සමයේ මෙන් කිම් ජොන් උන් සමඟ තමාට හොඳ සබඳතාවක් ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. නොවැම්බර් මාසයේදී චීනයේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවට සහභාගී වීමේදී මෙම හමුව සිදුවනු ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.














