• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවීකරණය කළ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය අද ජනතා අයිතියට

16 June 2026
in දේශීය, පුවත්
නවීකරණය කළ ජීව වෛද්‍ය  ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය  අද ජනතා අයිතියට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් මිලියන 501ක වියදමින් අභිනවයෙන් ඉදිකළ ශ්‍රවණාගාරය ඇතුළු නවීකරණය කළ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) ජනතා අයිතියට පත් කෙරේ. කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම (KOFIH) මගින් මෙම ඉදිකිරීම් සිදු කර ඇත.
මෙම අවස්ථාවේදීම රුපියල් මිලියන 228ක් වැය කරමින් මධ්‍යම, උතුරු මැද, උතුර, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත් සභා යටතේ ස්ථාපිත කර ඇති ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකක වෙත ඉංජිනේරු මෙවලම්, වෛද්‍ය පරීක්ෂණ උපකරණ සහ අලුත්වැඩියා මෙවලම් බෙදා දීමද සිදු කිරීමට නියමිතය. එම උපකරණ සඳහා වැය කර ඇති මුදලද කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම මගින් සපයා ඇත.
පුළුල් කර නවීන පහසුකම් සහිතව සිදු කළ මෙම නවීකරණය හරහා මෙරට ජනතාවට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ලබා දීමේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමට හැකි වේ. ප්‍රමාණවත් ඉඩ පහසුකම්, වැඩිදියුණු කළ තාක්ෂණික සහ සැපයුම් පහසුකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය, නිලධාරීන්, කාර්මික ශිල්පීන් සහ ඉංජිනේරුවන් පුහුණු කිරීම සඳහා නවීන ශ්‍රවණාගාරයක් ද සහිතව ඉදිකර ඇත.
ශ්‍රී ලංකාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවයේ ධාරිතාව ගොඩනැගීම සඳහා කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම අරමුදල් සපයයි. මෙම ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය උපකරණ ඉන්වෙන්ටරි කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම, ජංගම වැඩහල් වාහන සැපයීම සහ සේවක ධාරිතා වර්ධනය සඳහා පශ්චාද් උපාධි සහ කෙටි තාක්ෂණික පාඨමාලා ක්‍රියාත්මක කිරීම වැනි සංවර්ධන ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක වේ.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී, කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමේ මහලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ කොරියානු ආයතනයන්හි නියෝජිතයන් පිරිසක් සහභාගි වීමට නියමිතය.
Post Views: 12
Previous Post

වසර 25කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය වේ

Next Post

ජාතික රෝහල ආසියාවේ විශිෂ්ටතම රෝහල බවට පත් කිරීමට සැළසුම්

Editor TTV News

Editor TTV News

Next Post
ජාතික රෝහල ආසියාවේ  විශිෂ්ටතම රෝහල බවට  පත් කිරීමට සැළසුම්

ජාතික රෝහල ආසියාවේ විශිෂ්ටතම රෝහල බවට පත් කිරීමට සැළසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved