නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මෙවර අයවැය ජනතාවගේ ජීවන බර අඩු කරන අයවැයක් වනු ඇති බව නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
ප්රතිසංස්කරණය කරන ලද ගම්පහ කලාප අධ්යාපන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කර තිබේ.
ගම්පහ යක්කල පාරේ අඩු පහසුකම් යටතේ පවත්වාගෙන ගිය කලාප අධ්යාපන කාර්යාලය, වඩාත් ඉඩ පහසුකම් සහිත ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා පසුගිය දිනවල කටයුතු කර තිබුණි.
මෙම අවස්ථාවට ගම්පහ නගරාධිපතිවරයා, බස්නාහිර පළාත් ලේකම්වරයා, ප්රාදේශීය රාජ්ය නිලධාරීන්, ගම්පහ අධ්යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















