ශ්රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු සඳහා සිංගල් කැබ් රථ 200ක් මිලදී ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ජාතික තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය යටතේ කැඳවූ ලංසු හතක් ඇගයීමෙන් අනතුරුව මෙම මිලදී ගැනීම සිදුකිරීමට තීරණය කර ඇත.
ඒ සඳහා එක් රථයක් රුපියල් 4,785,000ක (වැට් බදු රහිත) මිලකට M/s Diesel and Motor Engineering PLC ආයතනයෙන් මිලදී ගැනීමට නියමිතය.
TATA YODHA PICKUP වර්ගයේ මෙම රථ 200 මිලදී ගැනීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
















