කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව ඉහත සඳහන් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය. තවද හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-2.5ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී.
එබැවින් මේ පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙසත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසත් ඉල්ලා සිටී.
















