ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ සමස්ත විධායක කමිටුවම සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද (28) පස්වරුවේ රැස්වූ ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණාත්මක තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.
මෙම විශේෂ තීරණය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (29) දිනයේදී මාධ්‍ය වෙත නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය. මෙරට ක්‍රිකට් පරිපාලනය තුළ සිදුවන මෙම හදිසි වෙනස්කම ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.














