උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නුවර පැවති මධ්‍යම හා දකුණු ආසියානු සත් සාමාජික (CASA 7s) රග්බි තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) පස්වරුවේ සමත් විය.
ප්‍රබල දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් මහා තරගයේදී අසල්වැසි ඉන්දීය කණ්ඩායම ලකුණු 31-10ක් ලෙස පහසුවෙන් පරාජය කරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළහ. තරගය ආරම්භයේ සිටම ඉන්දීය පිලට දැඩි පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධය නිමාවන විටත් ලකුණු 14-05ක් ලෙස පෙරමුණ ගෙන සිටීමට සමත් විය.














