• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපනයනකරුවන්ට පහසු පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති ලේකම්ගෙන් රේගුවට උපදෙස්

19 June 2026
in දේශීය, පුවත්
අපනයනකරුවන්ට  පහසු පරිසරයක් නිර්මාණය කිරීමට  ජනාධිපති ලේකම්ගෙන් රේගුවට  උපදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අපනයනකරුවන්ට වඩාත් පහසුවෙන් අපනයන කටයුතු සිදු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රේගු පහසුකම් සහ නවීකරණ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා රේගු බලධාරීන්ට උපදෙස් දී තිබේ. ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026-2030) ක්‍රියාවට නැංවීමට සමගාමීව රේගුවේ සිදු කළ යුතු නව්‍යකරණ වැඩපිළිවෙළ සහ අපනයනකරුවන් දිරිගැන්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී පැවැති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ ප්‍රධාන තීරණ සහ සාකච්ඡා වූ කරුණු අතර අපනයන බහලුම් පරීක්ෂා කරන ‘Export Facilitation Centre’ හි ධාරිතාව සහ පහසුකම් වැඩි දියුණු කර අපනයනකරුවන්ට කටයුතු කිරීම පහසු කිරීමට පියවර ගන්නා ලෙස රේගුවට උපදෙස් ලබා දීම ප්‍රධාන වේ. දැනට රේගුවේ ක්‍රියාත්මක වන TIEP ක්‍රියාවලිය සමාලෝචනය කර, මෙතෙක් අපනයන ක්ෂේත්‍රයට යොමු නොවූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.
අපනයන කටයුතු සඳහා රේගු සේවා විමධ්‍යගත කිරීමේ හැකියාව පරීක්ෂා කෙරුණු අතර, යාපනය ප්‍රදේශයේ රේගු අපනයන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. ඊ-වාණිජ්‍ය (e-commerce) මඟින් අපනයන සිදු කිරීමේදී මතුවන බාධක ඉවත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කිරීමට ද තීරණය විය. ඩිජිටල් ක්‍රමවේද භාවිතයෙන් ලිපි ලේඛන සැකසීම කඩිනම් කිරීම සහ අවදානම් ඇගයීමක් මඟින් අඩු අවදානම් අපනයනකරුවන්ට විශේෂ පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ජාතික දැක්මට අනුකූලව, 2030 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ. මෙම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ අපනයනකරුවන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා රේගුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ ආයතන මාසිකව රැස්වීමට ද මෙහිදී තීරණය විය.
Post Views: 0
Previous Post

පාසල් දරුවන් අතර ඉහළ යන තරබාරුකම පාලනයට නව සෞඛ්‍යවත් පාසල් ආපණ ශාලා මාර්ගෝපදේශයක්

Next Post

ඩෙංගු මර්දනය හුදු කමිටුවලට සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවා

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු මර්දනය  හුදු කමිටුවලට සීමා නොවී  ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවා

ඩෙංගු මර්දනය හුදු කමිටුවලට සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved