2024 වසරේ සිදුකළ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 13ත් 17ත් අතර දරුවන්ගෙන් 12%ක් අධිබරින් ද, 3%ක් ස්ථූලතාවයෙන් ද පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පවසයි.
දරුවන්ගේ දෛනික ආහාර පුරුදු පිළිබඳ අනාවරණයන් අනුව, දරුවන්ගෙන් 28.5%ක් අධික ලුණු සහිත ආහාර පරිභෝජනය කරන අතර, 29%ක් අධික තෙල් සහිත ආහාර සහ 14%ක් අධික සීනි සහිත ආහාර දෛනිකව පරිභෝජනය කරති.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව ‘සෞඛ්‍යවත් පාසල් ආපණ ශාලා මාර්ගෝපදේශය’ හඳුන්වා දී ඇත. අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති නව චක්‍රලේඛය 2026 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, එය රටේ පාසල් 10,046ක සිටින ලක්ෂ 39කට ආසන්න දරුවන් සඳහා බලපැවැත්වේ.
නව මාර්ගෝපදේශ යටතේ පාසල් පරිශ්‍රය තුළ දරුවන්ට අහිතකර ආහාර අලෙවිය මුළුමනින්ම තහනම් කිරීම, පාසල් ආපණ ශාලා A, B සහ C ලෙස ශ්‍රේණිගත කිරීම සහ ප්‍රමිතීන්ට අනුගත නොවන ආපණ ශාලා හිමියන් අසාදු ලේඛනගත (Blacklist) කිරීම සිදු කෙරේ. මීට අමතරව දරුවන්ට හිතකර ආහාර වට්ටෝරු හඳුන්වා දීම ද මෙහි ඇතුළත් වේ.
මෙම සෞඛ්‍යසම්පන්න ආහාර මාර්ගෝපදේශය ජාතික පෝෂණ මාසයට සමගාමීව, ජූනි 22 වැනි දින කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ජනගත කිරීමට නියමිතය.
















