ලෝකයේ රටවල් දාහතරක සම්ප්රදායික නර්තන කණ්ඩායම්වල දැඩි තරගකාරී සහභාගීත්වයෙන් තායිලන්තයේ පතායා නුවරදී මෙම මහා සමුළුව පවත්වනු ලැබූ අතර, එහිදී ශ්රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම ජාත්යන්තර ජයග්රහණ රැසක් අත්කර ගැනීමට සමත්වීම ජාතික මට්ටමින් ඉමහත් අගය කිරීමට ලක්ව ඇත. ප්රථම ස්ථානයට අමතරව හොඳම ඇඳුම් නිර්මාණය, නිර්මාණාත්මක නර්තනාංග මෙන්ම දක්ෂතම නර්තන ශිල්පීන් ලෙස සේහිත දසිදු සහ සෙතුම් නෙවිජාන් යන දක්ෂ තරුණ ශිල්පීන් ද මෙහිදී සම්මාන ලැබීම මෙරට කලා ක්ෂේත්රයේ අනාගතය පිළිබඳ ඉහළ අපේක්ෂා දල්වන්නකි.
මෙම ජයග්රහණය මෙරට සාම්ප්රදායික කලා සංස්කෘතිය ජාත්යන්තරය තුළ තවදුරටත් ඔප්නැංවීමට මෙන්ම, ලෝක වේදිකාව මත ශ්රී ලාංකීය අනන්යතාවය අභිමානවත් ලෙස තහවුරු කිරීමට ප්රබල රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්රී පැමිණි මෙම ජයග්රාහී කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර, ජාතික කලා ක්ෂේත්රය නගාසිටුවීම වෙනුවෙන් ඉදිරියේදී මෙවැනි ජාත්යන්තර ජයග්රහණ තවදුරටත් පුළුල් කරගැනීම සඳහා රජයේ සහ අදාළ ආයතනවල විධිමත් අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කෙරේ.
















