විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නියෝග පරිදි අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
මෙම නව පනත් කෙටුම්පත මගින් අදාළ ආඥා පනතේ 54 වන වගන්තියේ පළමුවන උප වගන්තියට හෙරොයින්, කොකේන්, මෝෆීන් සහ අබිං යන වචනවලට අමතරව ‘මෙත්ඇම්පිටමින්’ (අයිස්) යන වචනයද ඇතුළත් කර තිබේ. මීට අමතරව, රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කරනු ලබන වාර්තා, මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ලබාදෙන දඬුවම් සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී විමර්ශන නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද නව සංශෝධන රැසක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇත.
















