මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,000කට ආසන්න වී ඇති අතර, අගෝස්තු 05 වන දින වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,088කි.
එමෙන්ම, මෙම අගෝස්තු මාසයේ ගෙවුණු කෙටි කාලසීමාව තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 2,739ක් වාර්තා වී ඇති බැවින්, මහජනතාව තම අවට පරිසරය පිරිසිදුව පවත්වාගනිමින් ඩෙංගු මර්දන කටයුතු සඳහා දැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.













