ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නගරයේදී පැවැත්වෙන ‘U.S. Forum on Indian Ocean Ports and Supply Chains’ ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහභාගි විය.
සමුළුවේ පෙරේදා (02) පැවති සැසිය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉන්දීය සාගර කලාපයේ වරාය සංවර්ධනය, නාවික ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා, සැපයුම් දාම සුරක්ෂිතභාවය සහ කලාපීය සහයෝගිතාව පිළිබඳව ශ්‍රී ලංකාවේ දැක්ම ඉදිරිපත් කරන ලදී. එහිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම සහ ගෝලීය සමුද්‍රීය වෙළෙඳ කටයුතු ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකාව ඉටුකරන කාර්යභාරය පිළිබඳව ද ඔහු අවධාරණය කළේය.
වරාය කළමනාකරණය හා සැපයුම් දාම ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවාද සඳහා වේදිකාවක් සපයන මෙම සමුළුව, කලාපීය හා ගෝලීය සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
















