ශ්රී ලංකාවේ දළ ඇතුන් ඉලක්ක කර ගනිමින් වසර ගණනාවක් පුරා ක්රියාත්මක වන සංවිධානාත්මක අපරාධ රටාවක් සහ ලේ වැකි සින්ඩිකේට් එකක් පිළිබඳව බරපතළ තොරතුරු අනාවරණය වී තිබේ. කාවන්තිස්ස ඇතාගේ මරණය තනි සිදුවීමක් ලෙස පමණක් දැකීම වැරදි බවත්, ගල්ගමුව, උතුර සහ ඌව ඇතුළු දිවයිනේ විවිධ ප්රදේශවල සිදුව ඇති මෙවැනි අලි මරණ සහ ඉදිරිපස දකුණු පාදය ඉලක්ක කර එල්ල වන මාරාන්තික ප්රහාර පිටුපස එකම අපරාධ රටාවක් (Pattern) පවතින බවත් පෙන්වා දෙයි.
ටී-56 වැනි ස්වයංක්රීය අවි මෙන්ම බර උණ්ඩ යෙදූ (Heavy Slugs) 12-බෝර තුවක්කු භාවිත කරමින් සතුන්ගේ චලනය අඩාල කර, දළ කපාගෙන යාම සහ මළ සිරුරු අතුරුදන් කිරීමේ ජාවාරමක් මෙහි ක්රියාත්මක වන බව වාර්තා වේ. වනජීවී පනතේ හිඩැස් සහ නීති විරෝධී ජාල හේතුවෙන් මෙම ජාවාරම තවදුරටත් ක්රියාත්මක වන අතර, රටේ අභිමානයක් වන දළ ඇතුන් රැක ගැනීමට මෙවැනි සංවිධානාත්මක ජාලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්රියාත්මක කිරීමේ අවශ්යතාව මින් දැඩිව අවධාරණය කෙරේ.















