ප්‍රකට දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන් මහතාගේ කෘති රේගුව විසින් රඳවාගැනීම සම්බන්ධයෙන් ඇති වූ විවාදාත්මක තත්ත්වය හමුවේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකාවක වන ප්‍රවීණ ලේඛිකා මාලති කල්පනා ඇම්බ්‍රෝස් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
දීපචෙල්වන් මහතාගේ කෘති පහකට අයත් පිටපත් 360ක් පසුගිය මාර්තු 18 වැනිදා රේගු පනත යටතේ රඳවාගෙන ඇති අතර, ඒ පිළිබඳ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇත. බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
අදාළ කෘති සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය මැදිහත් වී මෙම ගැටලුව විසඳීමට උත්සාහ කරමින් සිටියි. මෙම කෘති රඳවාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොව රේගු පනත යටතේ බව අමාත්‍යාංශය අවධාරණය කරයි.















