වසර 15කට පසු ‘ශ්‍රී ලංකා එක්ස්පෝ’ (Sri Lanka Expo) ජාත්‍යන්තර අපනයන ප්‍රදර්ශනය යළි කොළඹදී පැවැත්වෙන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා පවසයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ 47 වන සංවත්සරය නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයේදී ඔහු මේ බව සඳහන් කළ අතර, ඒ සඳහා ලොව පුරා ප්‍රමුඛ පෙළේ විදේශීය ගැනුම්කරුවන් 1,500කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය.
මෙම වසරේ මුල් මාස හය තුළදී පමණක් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 9කට ආසන්න අපනයන ආදායමක් ලබාගෙන ඇති අතර, 2026 වසර අවසන් වන විට ඩොලර් බිලියන 19ක ඉහළම අපනයන ආදායමක් වාර්තා කිරීම රජයේ අපේක්ෂාවයි. ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ 2030 වන විට සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීමට (වෙළඳ භාණ්ඩ අපනයන බිලියන 27ක් සහ සේවා අංශයෙන් බිලියන 8ක්) ඉලක්ක කර ඇත.
ඉලෙක්ට්‍රොනික, ආහාර හා පාන, තොරතුරු තාක්ෂණ සහ ලොජිස්ටික්ස් වැනි නව ක්ෂේත්‍ර අටක් ඔස්සේ අපනයන ක්ෂේත්‍රය විවිධාංගීකරණය කරමින්, දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 25%ක දායකත්වයක් අපනයන ක්ෂේත්‍රයෙන් ලබා ගැනීමට සැලසුම් කර තිබේ.
වසර 15කට පසු සංවිධානය කරනු ලබන මෙම ‘ශ්‍රී ලංකා එක්ස්පෝ’ ප්‍රදර්ශනය 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වේ. මේ සඳහා අපනයනකරුවන් 1,100කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් වෙළඳ කුටි 200කට අධික ප්‍රමාණයක් වෙන් කර ඇත. එෙන්ම, ජනවාරි 15 වැනිදා මෙරට පවත්වනු ලබන විශාලතම ආයෝජක හමුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), සංචාරක අමාත්‍යාංශය සහ පෝට් සිටි ආයතනය සමඟ ඒකාබද්ධව පැවැත්වීමට නියමිතය.















