එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ 35 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සිය පළමු සමාලෝචනයට අද (14) ජිනීවා නුවරදී මුහුණ දීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, මෙම සමාලෝචනය ශ්‍රී ලංකා රජයේ දූත පිරිස සහ CRPD කමිටුව අතර අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවක් ලෙස ජිනීවාහිදී සහ කොළඹ සිට අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසට අමාත්‍යාංශ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ නිත්‍ය මෙහෙයුම් නියෝජිතයන්ද සහභාගී වෙති. ශ්‍රී ලංකාව 2016 වසරේදී අදාළ සම්මුතිය අනුමත කළ අතර 2019 ඔක්තෝබර් මාසයේදී සිය මූලික වාර්තාව ඉදිරිපත් කරන ලදී. 2025 දෙසැම්බර් මාසයේදී කමිටුව මතු කළ ගැටලු සඳහා රජය ප්‍රතිචාර දක්වා ඇති අතර, අගෝස්තු 12 සිට 27 දක්වා ජිනීවාහි පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සමඟ ස්ලෝවැකියාව, කටාර්, ලිතුවේනියාව සහ චිලී යන රටවල් ද මෙම සමාලෝචනයට සහභාගී වේ.













