‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර සමිතියේ ධීවර තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ධීවරයින්ගේ දිර්ඝකාලීන ඉල්ලීමකට අනුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ධීවර අමාත්‍යාංශය මඟින් මුල් අදියර යටතේ රුපියල් මිලියන 2.1ක මුදලක් මේ සඳහා වෙන් කර ඇත. ඒ අනුව, තොටුපොළේ පාසි ඉවත් කර පිරිසිදු කිරීම සහ පස් පුරවා සකස් කිරීම ඇතුළු කටයුතු සිදුකෙරෙන අතර, එමඟින් ධීවරයින්ට කිසිදු බාධාවකින් තොරව සිය කර්මාන්තයේ නිරත වීමට අවස්ථාව සැලසේ.
















