විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස්ව තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මෙන්ම විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කොන්සියුලර් අංශයන්ද ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ වැඩපිළිවෙළ සහ අදාළ රාජ්‍ය ආයතන කොන්සියුලර් පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝ සහ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.













